2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදුවූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයින් 1007 ජීවිත අහිමි වී ඇති බව, අද (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
කෙසේවෙතත් පොලීසිය විසින් රිය අනතුරු පාලනය කර ගැනීම සඳහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරන්න සෙවීමේ මෙහෙයුම් ඇතුළු විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකරයා පවසා සිටියේය.
ජනවාරි පළමු වෙනිදා සිට මැයි මස 18 වන දින දක්වා කාලය තුළ බීමත් රියදුරන් 26,413ක් නීතිය හමුවට ඉදිරිපත් කළ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.