කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී අද (10)දා අලුයම ගිනි ගැනීමකට ලක්ව තිබේ .
එම සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුළ මගීන් 50කට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවට වාර්ත වේ.
ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.
සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.