පාසල් විද්‍යාගාරයක ඊයේ (15) රාත්‍රියේ හදිසියේ හටගත් ගින්නක් හේතුවෙන් එම විද්‍යාගාරය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.
මාතලේ උකුවෙල අජ්මීර් විද්‍යාලයේ විද්‍යාගාරයේ මෙම ගින්න හටගෙන ඇතිබව වැඩිදුරටත් වාර්තා වේ.
ඊයේ රාත්‍රී 10:30ට පමණ මෙම ගින්න හටගෙන ඇත.සිද්ධිය පිළිබඳ මාතලේ පොලීසිය පරීක්ෂණ සිදුකරයි,