මාතලේ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙකකින් පාචනය රෝගීන් වාර්තා වන බව ත් ඊයේ (මාර්තු 25) උදෑසන වන විට රෝගීන් 150කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමුදු බණ්ඩාර පැවසීය.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ, මාතලේ සහ උකුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස දෙකෙන් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව ත් තැන්න, කන්දේනුවර ආදී ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වන බව ත් රෝගය වැලඳුණු පිරිස් බාහිර ප්‍රතිකාර ආයතනවලින් සහ මාතලේ මහ රෝහලේ බාහිර රෝගීන් අංශයේ ප්‍රතිකාර ලබාගෙන ඇති බව ද හෙතෙම පැවැසීය.
මේ වන විට පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු කණ්ඩායමක් විසින් රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් මේ වන විට අදාළ සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට සහ අනුරාධපුර පර්යේෂණ ආයතන වෙත යවා ඇති බව ඉදිරි වාර්තා අනුව දැනුවත් කිරීම් සිදුකරන බව ද හෙතෙම පැවැසීය.
ඔහු වැඩිදුරට ත් කියා සිටියේ, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමග සකාච්ඡා කරන බවත් ජලය නිසා මෙම රෝගී තත්ත්වය පැතිර යෑමක්ද යන්න පිළිබඳව විමර්ශනය කරන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ද ජල සාම්පල පරික්ෂා කිරීම් සිදුකරන බවද බණ්ඩාර මහතා පැවසීය.
මේ වන විට මහජනතාව දැනුවත් කිරීම් කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මඟින් අඛණ්ඩව සිදුකරන බවත් මේ වන විටත් රෝගීන් පිළිබඳව සමික්ෂණ කටයුතු සිදුකරන බවත් පානීය ජලය සම්බන්ධයෙන් දැඩිව සැලකිලිමත් වන ලෙසත් උණුකර නිවාගත් ජලය පමණක් අදාළ පානය සඳහා යොදා ගන්නා ලෙසත් ජාතික ජල සම්පාදන මණ්ඩලය මඟින් ජලය සපයන ජලයේ පවිත්‍රතාව වැඩි කිරීම සඳහා අදාළ අංශ සමඟ සාකච්ඡා සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද අධ්‍යක්ෂවරයා වැඩිදුරට ත් පැවසීය.