2026 මාර්තු 20 සිකුරාදා, 07:22
නවතම පුවත්

මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මෙහෙමයි

මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන 14 වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පවසයි.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (12) පැවති මහමැතිවරණය සම්බන්ධ දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එමෙන්ම ඡන්ද ප්‍රදේශවල ප්‍රතිඵලය හා දිස්ත්‍රික් ප්‍රතිඵලය මැතිවරණ මහලේකම් කාර්යාලයෙන් නැවත පරීක්ෂා කර අනුමත කළ පසු මාධය වෙත නිකුත් කරන බවත් එම නිසා නිල නොවන ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වළකින ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා,

“තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදල තියෙනවා. ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.”

එමෙන්ම ඡන්දය ගණන් කිරීමේ කටයුතු සම්බන්ධවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අදහස් පළ කළේය.

එහිදී ඔහු පැවසුවේ ඡන්ද ගණන් කිරීම අදියර 3ක් යටතේ සිදුවන බවය.

ඒ අනුව එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත් කර ගැනීම සිදුකරන බවත් ඔහු පැවසීය.

“ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවෙන්නේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව. ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ. එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදුකරනවා”.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories