මෙවර මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප්රකාශ කරයි.
ඔහු සඳහන් කළේ, මෙවර මහ මැතිවරණයට මාලිමාවෙන් සහ ගෑස් සිලින්ඩරයෙන් තරඟ කිරීමට සිදුකළ සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් තමන් එම තීරණය ගත් බවයි.
“ජනාධිපතිවරණයේදී සජබයේ නායකයා අවසානයේදී ජනතාව විසින් නිසි තැන තැබුවා කියන එක මම විශ්වාසකරනවා. ඒ ගැන මම සතුටු වෙනවා. මහ මැතිවරණය ගැන අනුර කුමාර දිසානායක මහතා සමග මම ඉතාම කෙටි… විනාඩි 10ක පමණ සකච්ඡාවක් කළා. ඒ අයගෙන් ප්රකාශ වුණ මතය තමයි ජනාධිපතිවරණයේදී ඒ අයත් එක්ක නොහිටපු අයට නාම යෝජනා දෙනවට විරුද්ධයි කියන එක අනුර කුමාර දිසානායක මහතා මට පැවසුවා. ඊළඟට මම හිටපු අගමැතිවරයා සමග සාකච්ඡාකළා, හිටපු ඇමතිවරු එක්ක සාකච්ඡාකළා ගෑස් සිලින්ඩරයේ ඉන්න පිරිසත් සමග ඒ දේශපාලන ගමන ගැන. ආකර්ශනයක් ඇති වුණේ නැහැ. ඒ ප්රතිඵලය අනුව මම තීරණයකළා මේ මැතිවරණයේදී තරග කරන්නේ නැහැකියලා.