තමන් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත්ව යාමට සැලසුම් කර නැති බවත් එය අසත්‍ය තොරතුරක් බවත් බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමත් සමගම මෙම අසත්‍ය තොරතුර පැතිර ගිය බව එම ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මහින්ද සිරිවර්ධන මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකාව ඇතුළුව රටවල් නියෝජනය කිරීමට නියමිත අතර ආසියානු සංවර්ධන බැංකුවේ විකල්ප විධායක අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු එම බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය තුළ රටවල් සමූහයක් නියෝජනය කිරීමට නියමිතය.