2025 අගෝස්තු 15 සිකුරාදා, 01:16
නවතම පුවත්

මහ බැංකුවෙන් අපනයනකරුවන්ට සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා.

සාර්ව ආර්ථික වර්ධනයන්, විශේෂයෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තත්ත්වයන්හි වර්ධනයන් සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.

2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත මඟින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ආදායම ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීමට අදාළ කාල සීමාව සැලකිය යුතු ලෙස ලිහිල් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් “2024 අංක 01 දරණ අපනයන ඉපැයීම් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ රීති” නිකුත් කරන ලද අතර එය 2024.07.01 දිනැති අංක 2391/02 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කර ඇත.

එම රීති 2024.09.04 දින පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද අතර එදින සිටම බලාත්මක විය.

මෙම රීති මගින් භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම්, අවසරලත් ගෙවීම් සඳහා භාවිතයෙන් අනතුරුව ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කිරීම සඳහා අදාළ වන කාලසීමාව, අපනයන ආදායම ලැබුණු දින සිට, ලැබීම් ලද මාසය ඇතුළුව ලිත් මාස තුන (03)ක් අවසන් වීමෙන් පසු මාසයේ දහවන (10 වැනි) දිනය දක්වා දීර්ඝ කර ඇත.

පෙර පැවති රීතිවලට අනුව අපනයන ආදායම ලැබුණු දිනට පසුව එළැඹෙන මාසයේ හත්වන දින අදාළ ශේෂයන් ශ්‍රී ලංකා රුපියල්වලට අනිවාර්යයෙන් පරිවර්තනය කළ යුතුව තිබුණි.

මෙම නීතින්ට විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ( www.dfe.lk) හරහා ප්‍රවේශ විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories