2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 06:29
නවතම පුවත්

මහින්දට යන්න එන්න තැනක් නැත්තං අපි හොඳ ගෙයක් දෙන්නම් – ජනපති කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නම්, රජය ඔහුට සුදුසු නිවසක් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේය.

තඹුත්තේගම ඊයේ පැවති රැස්වීමකදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක පැවසුවේ තමා සහ අමාත්‍යවරුන් මන්දිරවලට ගොස් නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරුන්ට එලෙස වෙනස් විය නොහැක්කේ මන්දැයි ඔහු ප්‍රශ්න කළේය.

“බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කර මන්දිරයක ජීවත් වීම සාධාරණ නැහැ. ජනාධිපතිවරයා සහ අමාත්‍යවරුන් වෙනස් වී ඇත්නම්, ඔවුන්ට වෙනස් විය නොහැක්කේ ඇයි? ඒ දෙදෙනාට යන්න තැනක් නැත්නම් අපි ඔවුන්ට ජීවත් වීමට සුදුසු නිවසක් ලබා දෙනවා. ඔවුන් පදිංචිව සිටින මන්දිරය ඉතා විශාලයි,” යනුවෙන් ජනාධිපතිවරයා පැවසීය.

“ඔවුන්ට ඉවත් වෙන්න කිව්වම එය දේශපාලන පළිගැනීමක් කියලා කියනවා. අපි කිසිවකුගෙන් පළිගන්නේ නැහැ. අපි රට නව දිශාවකට ගෙන යනවා. අයින් වෙන්න කියලා ඉල්ලා සිටීමට කලින් ඔවුන් ඉවත් විය යුතුයි. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ වෙනස් වෙන්න කියලා. බදු ගෙවන්නන්ගේ මුදල් වියදම් කිරීමට පෙර අපි දෙවරක් සිතා බැලිය යුතුයි,” යනුවෙන් ද ඔහු පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories