2025 ජූනි 21 සෙනසුරාදා, 17:20
නවතම පුවත්

මහින්දගේ මූලික අයිතිවාසිකම් කැඩෙයිද?

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ ආණ්ඩුවේ සැලසුම විවිධ මතවලට තුඩු දී තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කඩිනම් වෙනස්කම් සඳහා පෙනීසිටීමත් සමඟ, නීති විශාරදයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අනතුරු අඟවති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නොවන පරිදි හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති සහන අඩුකරන බව අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් ගැන සඳහන් කරමින් ඔහු කියාසිටියේ බලයේ සිටින ජනාධිපතිවරයකුට නිල නිවාස වෙන් කිරීමට බලයක් නොමැති බව එම තීන්දුවෙන් පැහැදිලි වී ඇති බවයි

හිටපු ජනාධිපතිවරුන්ට සුදුසු නිල නිවාස ලබාදිය යුතු බව අවධාරණය කළ අමාත්‍ය බිමල් රත්නායක පෙන්වාදුන්නේ, ඒ සඳහා සුඛෝපභෝගී මන්දිර අනවශ්‍ය බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විකල්ප නවාතැන් සැපයිය හැකි බැවින් විජේරාම මාවතේ පිහිටි දැනට පදිංචිව සිටින නිවසින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බව ඔහු පැවැසීය.

ජාතික ජනබලවේගය සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වන වත්මන් සමාජ අවශ්‍යතා වඩාත් හොඳින් පිළිබිඹු වන පරිදි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව අමාත්‍යවරයා පැවැසීය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හෝ වෙනත් හිමිකම් අවලංගු කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව ජනාධිපති නීතීඥ ප්‍රතිභා මහානාම අනතුරු අඟවා තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවේ 01, 02, 03, සහ 04 වගන්ති යටතේ හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන බවත්, එය ආපසු හැරවිය නොහැකි බවත් ඔහු පවසා තිබේ.

එවැනි විශ්‍රාම වැටුප් අවලංගු කිරීමට අවශ්‍ය ඕනෑම නීතියක් අදාළ වන්නේ අනාගත ජනාධිපතිවරුන්ට මිස අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට නොවන බවට නීතීඥ ප්‍රතිභා මහානාම වැඩිදුරටත් පෙන්වාදෙයි.

විශ්‍රාම වැටුප් අවලංගු කිරීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැළකි හැකි බවද ඔහු අවධාරණය කර තිබේ.

නවතම පුවත්

web 04
නව වාහන හිමිකරුවන්ට ගැටලුවක් - අංක තහඩු හිඟය 15,000 ඉක්මවයි!
නව වාහන හිමිකරුවන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
එල්ල වන චෝදනා සම්බන්ධයෙන් මෛත්‍රීපාලගෙන් ප්‍රකාශයක්!
අනුරාධපුර, ශ්‍රී...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
අලුත්ම ශ්‍රීලංකන් ගුවන් යානය සිය මංගල ගමන ඇරඹයි !
කොළඹ, ශ්‍රී ලංකාව...

උණුසුම් පුවත්

දේශපාලන

web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...

Categories