2026 මාර්තු 24 අඟහරුවාදා, 19:58
නවතම පුවත්

මහින්දගේ මූලික අයිතිවාසිකම් කැඩෙයිද?

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කිරීමේ ආණ්ඩුවේ සැලසුම විවිධ මතවලට තුඩු දී තිබේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, ඒ වෙනුවෙන් සිදුකළ යුතු කඩිනම් වෙනස්කම් සඳහා පෙනීසිටීමත් සමඟ, නීති විශාරදයෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ මානව හිමිකම් සම්බන්ධයෙන් අනතුරු අඟවති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන අවශ්‍ය නොවන පරිදි හිටපු ජනාධිපතිවරුන්ට ලබාදී ඇති සහන අඩුකරන බව අමාත්‍ය බිමල් රත්නායක පසුගියදා ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවස සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් ගැන සඳහන් කරමින් ඔහු කියාසිටියේ බලයේ සිටින ජනාධිපතිවරයකුට නිල නිවාස වෙන් කිරීමට බලයක් නොමැති බව එම තීන්දුවෙන් පැහැදිලි වී ඇති බවයි

හිටපු ජනාධිපතිවරුන්ට සුදුසු නිල නිවාස ලබාදිය යුතු බව අවධාරණය කළ අමාත්‍ය බිමල් රත්නායක පෙන්වාදුන්නේ, ඒ සඳහා සුඛෝපභෝගී මන්දිර අනවශ්‍ය බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට විකල්ප නවාතැන් සැපයිය හැකි බැවින් විජේරාම මාවතේ පිහිටි දැනට පදිංචිව සිටින නිවසින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බව ඔහු පැවැසීය.

ජාතික ජනබලවේගය සිය මැතිවරණ ව්‍යාපාරයේ දී ලබාදුන් ප්‍රධාන පොරොන්දුවක් වන වත්මන් සමාජ අවශ්‍යතා වඩාත් හොඳින් පිළිබිඹු වන පරිදි වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට රජය සැලසුම් කරමින් සිටින බව අමාත්‍යවරයා පැවැසීය.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් හෝ වෙනත් හිමිකම් අවලංගු කිරීමට ගන්නා ඕනෑම උත්සාහයකට එරෙහිව ජනාධිපති නීතීඥ ප්‍රතිභා මහානාම අනතුරු අඟවා තිබේ.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36 වැනි ව්‍යවස්ථාවේ 01, 02, 03, සහ 04 වගන්ති යටතේ හිටපු ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන බවත්, එය ආපසු හැරවිය නොහැකි බවත් ඔහු පවසා තිබේ.

එවැනි විශ්‍රාම වැටුප් අවලංගු කිරීමට අවශ්‍ය ඕනෑම නීතියක් අදාළ වන්නේ අනාගත ජනාධිපතිවරුන්ට මිස අතීතයේ සිටි ජනාධිපතිවරුන්ට නොවන බවට නීතීඥ ප්‍රතිභා මහානාම වැඩිදුරටත් පෙන්වාදෙයි.

විශ්‍රාම වැටුප් අවලංගු කිරීම මූලික මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සැළකි හැකි බවද ඔහු අවධාරණය කර තිබේ.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories