2025 ජූනි 21 සෙනසුරාදා, 13:55
නවතම පුවත්

මහා ශිව රාත්‍රිය අදයි

ලෝකවාසී හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන හා ශිව රාත්‍රි දිනය අද (26) දිනට යෙදී තිබේ.

හින්දු දහමට අනුව මහා ශිව රාත්‍රිය යනු දෙවියන් අතුරින් ලොව බලවත්ම දෙවියා තමා බව ශිව දෙවියන් ලොවට විදහා දැක්වූ දිනය මහා ශිව රාත්‍රිය යන්නයි.

විෂ්ණු දෙවියන් මහා බ්‍රහ්මයන් හා ශිව දෙවියන් අතර ඇතිවූ ගැටුමේ දී ශිව දෙවිඳුන් මිහි ගැබේ සිට අහස් ගැබ දක්වා ආලෝකය කදම්භයක් විහිදුවමින් එහි දෙකෙළවර සොයාගන්නා අය බලවත්ම දෙවියා වන බව පැවැසූ බව හින්දු සාහිත්‍යයේ සඳහන් වේ. ඒ අනුව විෂ්ණු දෙවියන් සූකර වෙස් ගෙන මිහිගැබ හාරමින් ද මහා බ්‍රහ්මයා හංස වෙස් ගනිමින් අහස් ගැබ වෙත ගියද ඔවුන් දෙදෙනාට එහි දෙකළවර සොයා ගැනීමට නොහැකි විය. මෙම හේතුවෙන් හින්දු බැතිමතුන් ලොව බලවත්ම දෙවියා ශිව දෙවියන් බවට විශ්වාස කරනු ලබයි.

ඒ අනුව ශිව දෙවියන් ආලෝක කඳම්බය නිකුත් කළ නැකත උදාවන මහා ශිව රාත්‍රි දිනය ලොව පුරා හින්දු බැතිමතුන් ශිව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශිව රාත්‍රි දිනය සමරනු ලබයි.

දැඩි ශිව බැතිමතකු වූ රාවණ රජුගේ මරණින් පුසු ලංකාවට ඇතිවන ශාපයයෙන් මිදීම සඳහා රාවණා රජුගේ වන්දනාවට පාත්‍ර වූ දේවාල ද ඇතුළත්ව ලංකාව වටකොට ඊශ්වර දේවාල පහක් ඉදිකරවන ලදී.

පංචේශ්වර නමින් හඳුන්වන මෙම දේවාල මන්නාරම තිරුකේතිෂ්වරම් යාපනය (කීරිමලේ) නගුලේෂ්වරම්, ත්‍රිකුණාමලය කෝනේෂ්වරම්, හලාවත මන්නේෂ්වරම් මඩකලපුව තාන්තෝන්ඩේෂ්වරම් නම් විය. මෙම දේවාල පහේම පිහිටි ශිවලිංගම් ස්වභාවිකව පහළ වූ (ස්වයංභූලිංගම්) හෝ දෙවියන් විසින් අතින් සාදන ලද ඒවා බවට හින්දු බැතිමතුන් විශ්වාස කරති.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ, රංගවේදී මොහොමඩ් සෆ්රාස් අභාවප්‍රාප්ත වෙයි
ප්‍රවීණ සිනමා හා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
නාවික හා ගුවන්සේවා ශ්‍රමිකයන් පුහුණුවට රජයෙන් පෞද්ගලික අංශයට සහාය
නාවික සහ ගුවන් සේවා...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
වගා නොකළ ඉඩම් හිමියන්ට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
වගා නොකළ ඉඩම් හිමියන්ට...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ලංකාවට ස්වයංක්‍රීය දොරවල් සහිත AC කෝච්චි 5ක්
ශ්‍රී ලංකාවට ස්වයංක්‍රීයව...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories