රටේ ජනතාව නොසන්සුන් වන ආකාරයට LTTE සංවිධානයට සම්බන්ධ මහවිරු සැමරුම් පිළිබඳ තොරතුරු ප්‍රචාරය කළ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයන් LTTE සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ රුව, එසේම පැරණි මහවිරු සැමරුම් පිළිබඳ වීඩියෝ පට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනකු බව වාර්තා වේ.
ඔවුන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන පොලිසිය කියයි.
දණ්ඩ නීති සංග්‍රහයේ සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ විධිවිධානවලට යටත්ව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.