යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ කීපයක් එකතු වී මේ මස 20 වෙනිදා සිට 27 වෙනිදා දක්වා මහවිරු සතියක් ප්‍රකශයට පත් කොට තිබේ.
යුද්ධයේදී සිය පවුල්වල සාමාජිකයින් මියගිය සියලුම දෙනා මේ මහවිරු සතිය සැමරීම සදහා ඉදිරිපත් වන ලෙස මහවිරු සතිය ප්‍රකාශයට පත් කළ පිරිස ප්‍රාදේශීය මට්ටමින් සියලු දෙනාට දැණුම් දී තිබේ.
මහවිරු සතියේ ප්‍රධාන උත්සවය මුලතිව් මුල්ලිවයික්කාල් යුද ස්මාරකය අබියසදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ප්‍රාදේශීය සමරු උත්සව එම ගම්මානවල පිහිටි සුසානභූමි වලදී පැවත්වීමට පියවර ගෙන තිබේ.
20 වෙනිදා සිට ආරම්භ වන මහවිරු සතියේදී යුද්ධයෙන් මියගිය පිරිස සමරා විවිධ පින්කම් පැවැත්වෙන අතර 27 වෙනිදා සවස සොහොන් කොත් අසල මල් පූජාකොට පහන් හා ඉටිපන්දම් දල්වා යුද්ධයෙන් මියගිය පිරිස සමරා ඔවුන්ට පින් අනුමෝදන් කරවීමට සැලසුම් කොට තිබේ.