2025 අගෝස්තු 16 සෙනසුරාදා, 05:59
නවතම පුවත්

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක් ම බිදවැටිලා

අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5න් 3ක් බිඳ වැටීම මගින් දෛනිකව රෝගීන් 250කගේ පමන විකිරණ ප්‍රතිකාර කටයුතු ඇන හිට ඇත.

මෙම යන්ත්‍ර පිලිවෙලින් 07.03.2025 දින, 08.03. 2025 , 07.03.2025 දින සිටද මේ වන තෙක් බිඳවැටී ඇත.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු අතරමඟදී විකිරණ ප්‍රතිකාර ඇනහිටීම මගින් එම පිළිකා තත්වය වැඩි වර්ධනය වීමට වුවද හැකියාවක් ඇත. මෙම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී මෙමෙ යන්ත්‍ර ක්‍රියා විරහිත වී දින 03ක් ඇතුළත යථාවත් භාවයට පත් කිරීම සඳහා කොන්දේසි පනවන අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් අදාළ සමාගමෙන් ගිවිසුම් ගත මුදලින් දිනකට සියයට එකක අධි භාරයක් අය කිරීමටද අදාල ගිවිසුම් වල ප්‍රතිපාදන ඇත. එහෙත් පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එසේ අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියා කර නැත.

රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් ස්ථාපනය කර තිබෙන අතර ඉන් යන්ත්‍ර 5ක් අපේක්‍ෂාරෝහලේ ද, යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේ ද, මඩ කලපුව ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ ගාල්ල ජාතික රෝහල යන රෝහල්වල එක් යන්ත්‍රය බැගින් ස්ථාපනය කර ඇත.

මෙම යන්ත්‍ර දහයෙන් යන්ත්‍ර කීපයක් නිතර නිතර බිඳවැටීම සිදුවන අතර ඒ පිළිබඳව විශේෂයෙන් සොයාබැලීමේ වගකීම සෞඛ්‍යා අමාත්‍යාංශය සතු වන අතර මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම වෘත්තිකයන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. සෞඛ්‍ය පද්ධතියට එකතු කළ මෙම යන්ත්‍ර ප්‍රවිතියෙන් යුතු ඒවාද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතු අතර යන්ත්‍ර නිතර නිතර බිඳ වැටීම සහ ඒවා බිඳවැටුණු පසු නැවත යථා තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන්විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ බලදාරීන්ගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories