2026 මාර්තු 19 බ්‍රහස්පතින්දා, 15:15
නවතම පුවත්

මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර 5න් 3ක් ම බිදවැටිලා

අපේක්‍ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර අංශයේ ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර 5න් 3ක් බිඳ වැටීම මගින් දෛනිකව රෝගීන් 250කගේ පමන විකිරණ ප්‍රතිකාර කටයුතු ඇන හිට ඇත.

මෙම යන්ත්‍ර පිලිවෙලින් 07.03.2025 දින, 08.03. 2025 , 07.03.2025 දින සිටද මේ වන තෙක් බිඳවැටී ඇත.

පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කළ පසු අතරමඟදී විකිරණ ප්‍රතිකාර ඇනහිටීම මගින් එම පිළිකා තත්වය වැඩි වර්ධනය වීමට වුවද හැකියාවක් ඇත. මෙම යන්ත්‍ර නඩත්තු කිරීම් සඳහා ගිවිසුම්ගත වීමේදී මෙමෙ යන්ත්‍ර ක්‍රියා විරහිත වී දින 03ක් ඇතුළත යථාවත් භාවයට පත් කිරීම සඳහා කොන්දේසි පනවන අතර එසේ කිරීමට අපොහොසත් වුවහොත් අදාළ සමාගමෙන් ගිවිසුම් ගත මුදලින් දිනකට සියයට එකක අධි භාරයක් අය කිරීමටද අදාල ගිවිසුම් වල ප්‍රතිපාදන ඇත. එහෙත් පසුගිය කාලවලදී අදාළ සේවා සමාගම්වලින් එසේ අධිභාර අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන තෙක් ක්‍රියා කර නැත.

රජයේ රෝහල් පද්ධතිය තුළ මෙවැනි පිළිකා ප්‍රතිකාර සඳහා භාවිතා කරන ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 10ක් ස්ථාපනය කර තිබෙන අතර ඉන් යන්ත්‍ර 5ක් අපේක්‍ෂාරෝහලේ ද, යන්ත්‍ර දෙකක් මහනුවර ජාතික රෝහලේ ද, මඩ කලපුව ශික්ෂණ රෝහල, යාපනය ශික්ෂණ රෝහල සහ ගාල්ල ජාතික රෝහල යන රෝහල්වල එක් යන්ත්‍රය බැගින් ස්ථාපනය කර ඇත.

මෙම යන්ත්‍ර දහයෙන් යන්ත්‍ර කීපයක් නිතර නිතර බිඳවැටීම සිදුවන අතර ඒ පිළිබඳව විශේෂයෙන් සොයාබැලීමේ වගකීම සෞඛ්‍යා අමාත්‍යාංශය සතු වන අතර මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම වෘත්තිකයන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත. සෞඛ්‍ය පද්ධතියට එකතු කළ මෙම යන්ත්‍ර ප්‍රවිතියෙන් යුතු ඒවාද යන්න විශේෂයෙන් සොයා බැලිය යුතු අතර යන්ත්‍ර නිතර නිතර බිඳ වැටීම සහ ඒවා බිඳවැටුණු පසු නැවත යථා තත්ත්වයට පත් කිරීමට දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන්විශේෂ අවධානයක් යොමු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශ බලදාරීන්ගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...

අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories