නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත පසුගිය දා තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අවදානම් තත්ත්වය පහව යනතුරු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණේ මෙම මාර්ගයේ 44 වැනි කිලෝ මීටර සීමාව අසල කහටගොල්ල කඳු ප්‍රදේශයේ සිට නාය යාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙනි.
කෙසේ නමුත් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නැවත අධික වර්ෂා තත්ත්වයක් ඇති වුවහොත් අවදානම් තත්ත්වය නැවත ඇතිවිය හැකි බව සහ විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිතා කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතු බවයි.