2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:21
නවතම පුවත්

මවගේ අනියම් පෙමටපිහි පහර කෑ දියණිය මරුට

සිය මවගේ අනියම් සබඳතාවක ප්‍රතිඵලයක් ලෙස 13 හැවිරිදි දැරියකට දිවි අහිමිවීමේ පුවතක් පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වේ.

දැරිය මියගොස් ඇත්තේ සිය මව සහ අනියම් පෙම්වතා අතර ඇතිවූ බහින්බස්වීමකට මැදිහත් වී පිහි ප්‍රහාරයකට ලක්වීමෙන්ය.

ඊයේ (26) දහවල් 1ට පමණ සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මියගොස් ඇත්තේ පිළියන්දළ බෝකුන්දර දෙමහල් නිවසක උඩු මහලෙහි කුලී පදනම මත පදිංචිව සිටි දැරියන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක බාලයා වූ බී.එම්. ඔෂාදී කෞශල්‍යා නමැති දැරියයි.

ඇය පිළියන්දල ආනන්ද සමරකෝන් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි.

ඔෂාදී එදින සිය මව සහ 15 හැවිරිදි වැඩිමහල් සහෝදරිය සමග නිවසෙහි සිට ඇති අතර එම අවස්ථාවේ මව සමීප ඇසුරක් පවත්වන පුද්ගලයෙකු නිවසට පැමිණ තිබේ.

එම පුද්ගලයා අදාළ කාන්තාව සේවය කරන ආයතනයේම සේවය කරන අයෙකු බව පොලීසිය පැවසීය.

එලෙස පැමිණි පුද්ගලයා නිවසේ සිටි කාන්තාවට වෙනත් පුද්ගලයෙකු සමගද සමීප ඇසුරක් පවත්වන බවට චෝදනා කර ඇති අතර එහිදී දෙදෙනා අතර බහින්බස්වීමක් සිදුව ඇත.

පසුව අදාළ පුද්ගලයා කාන්තාවට පිහි පහර කිහිපයක් එල්ල කර ඇති අතර මවට පිහිපහර එල්ලවෙද්දී දියණියන් දෙදෙනා එය වැළැක්වීමට මැදිහත්ව තිබේ.

එහිදී සැකකරු ඔවුන්ටද පිහි ප්‍රහාර එල්ලකර ඇති බව පොලිසිය පවසයි.

පසුව සැකකරු ගෙල වැළලාගෙන සියදිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇතත් එම උත්සාහය ව්‍යර්ථ වී ඇත්තේ ඊට යොදාගත් ලණුව කැඩීයාම හේතුවෙන්.

අනතුරුව තමා පොලීසියට භාරවෙන බව එම නිවසේ පහළ මාලයේ සිටි නිවැසියන්ට පවසා ඔහු නිවසින් පිටව ගොස් තිබේ.

තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා රෝහල්ගත කර ඇත්තේ ද මව සේවය කළ ආයතනයේම සේවකයෙකු විසින්ය.

එලෙස වේරහැර හමුදා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බරපතළ තත්ත්වයේ පසුවූ 13 හැවිරිදි ඔෂාදී කෞශල්‍යා මියගොස් තිබේ.

පොලීසියට භාරවන බව පවසා පලාගිය සැකකරු මේ වනවිට අතුරුදහන් වී ඇති අතර ඔහු සොයා ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් අරඹා තිබේ.

මේ දක්වා සිදුකළ විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ සැකකරු කලකට පෙර මහඔය ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට අදාළවද සැකකරුවෙකු ලෙස නම්කර සිටින අයෙක් බවය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories