අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද (ජුනි 6) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරීමට නියෝග කරන ලදී.
අල්ලස් කොමිසම, මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් පනත යටතේ අධිචෝදනා ගොනු කර තිබූ අතර,ඒ ඔහුගේ නීත්‍යානුකූල ආදායම ඉක්මවා ගිය රුපියල් කෝටි ගණනක දේපළ, වාහන සහ බැංකු ගිණුම් ඔහු සතුව තිබූ බවට චෝදනා වීමත් සමගයි. නඩු විභාගයෙන් පසු අධිකරණය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කළේය.