හිටපු අමාත්‍ය ආචාර්‍ය මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.
මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී, පූර්ණ නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කරන ලෙස දෙපාර්ශ්වයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි සඳහන් වන්නේ.
ඒ අනුව, මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් 24 වැනිදා කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
ඔහු අමාත්‍යවරයෙකුව සිටි 2010 – 2012 කාල සීමාව තුළ, සිය නීත්‍යානුකූල ආදායම අභිබවමින් රුපියල් මිලියන 150කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ අයථා ලෙස අත්පත් කර ගැනීමෙන්, දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කළ බවට ඇති චෝදනා යටතේ මෙම නඩුව ගොනුවී තිබෙනවා.