2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 12:33
නවතම පුවත්

මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු සුන්දර රටක් නිර්මාණය කරමු – ජනපති නත්තල් පණිවිඩයෙන් පවසයි

ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කරගනිමු යැයි නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

‘ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මෙලොව එළිය දුටු දිනය වන නත්තල ලොව පුරා ක්‍රිස්තු භක්තිකයෝ මහත් හරසරින් සමරති. සියල්ලෝ දුකින් මුදාගැනීම සඳහා මෙලොව එළිය දුටු ජේසුස් ක්‍රිස්තුන්වහන්සේ කිසිදු විටෙක ජනතාව දෙස ධනවත්, දිළිඳු ආදී වූ භේද ඇසතින් නොබැලූහ. උන්වහන්සේ දේව බිළිඳුන් ලෙස මෙලොව බිහි වූ දිනයේදී අතිශය දිළිඳු සහ අහිංසක මනුෂ්‍ය ප්‍රජාවක් වූ එඬේරුන් අතර ඉපදීමට තෝරාගත්තේද, දේවදූතයන් ඔවුන් වෙත සුබ පණිවිඩය ගෙන ආවේද එහෙයිනි. එහෙයින්, නත්තලේ යටි අරුත වනුයේ වාද බේද දුරලා මනුෂ්‍යත්වයේ නාමයෙන්, සමගියෙන් හා සාමයෙන් කටයුතු කිරීමයි. සාමයේ පණිවිඩය රැගෙන ආ නත්තල අප සමරනුයේ නත්තලේ සැබෑ අරුත වන සාමය විද්‍යමාන වන පසුබිමක සිට වීම මෙහිලා සඳහන් කරනුයේ මහත් ප්‍රීතියෙනි.

සියලු ජන කොටස් එකාවන්ව ඒකායන පරමාර්ථයකින් සාමුහික වගකීමක් සේ සලකා දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු වූ අවස්ථාවකට අප එළැඹ ඇත්තෙමු. සාමයේ හා සමගියේ යදමින් බැඳි දේශයට උදාවන නව අරුණැල්ලක පහස විඳිමින් සිටින්නෙමු. එම ප්‍රදීප්තය ජේසුස් වහන්සේ අප වෙත රැගෙන ආ ප්‍රේමයේ ඇරුණැල්ලමය. භේදයේ අඳුර දුරලා සාමය රජයන සහෘදයන්ගේ දේශය බවට අප රට ක්‍රමයෙන් පරිවර්තනය වෙමින් පවතින බව අපි අත්දකිමු. මනුෂ්‍ය නිදහස හා සාධාරණත්වයේ පදනම මත පිහිටා ජේසුස් වහන්සේ කළ අරගලය නිසාම උන්වහන්සේ පූජනීයත්වයට පත් විය. එම මනුෂ්‍ය නිදහස සහ සාධාරණත්වය අගයමින් උන්වහන්සේගේ මඟපෙන්වීම වර්තමානයේ යථාවක් කිරීමට රජයක් ලෙස අප කැපවී සිටින්නෙමු.

වර්තමානයේ ශ්‍රී ලංකාවට අවැසි සමාජ පරිවර්තනය දැවැන්ත සමාජ පරිවර්තනයකි. නිදහසින් අවුරුදු 76කට පසුව සිදුවීමට නියමිත ක්ෂේත්‍ර එකක හෝ කිහිපයක පරිවර්තනයකට එහා ගිය සමස්ත සමාජ පරිවර්තනයකි. පුනරුදයකි. එම ජාතික පුනරුදය වෙනුවෙන් ඉමහත් කැපවීමකින්, ඉවසීමකින්, සංයමයකින්, අප්‍රතිහත ධෛර්යෙන් හා නොපසුබස්නා වීර්යයෙන් යුතුව කටයුතු කරමින් සිටින අප රජය වටා රොඳ බැඳගත් දහස් සංඛ්‍යාත ජනතාවගේ බලාපොරොත්තු කිසිඳු අයුරකින් කඩවීමට ඉඩ නොතබා ඔවුන් අපේක්ෂා කරන “පොහොසත් රටක් – ලස්සන් ජීවිතයක්” උදා කර දීමේ ඒකායන අරමුණ වෙනුවෙන් තව තවත් වීර්යයෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව කැපවන බව මෙම උතුම් නත්තලේදී මම යළි අවධාරණය කරමි.

ආත්මාර්ථකාමී හා අහිතකර තරගයට සමාජ පද්ධතිය විසින් බල කරනු ලැබ ඇතත්, නත්තලේදී ප්‍රකට කරන මානව ගුණාංග සිත් තුළ වර්ධනය කරගනිමින්, සමානාත්මතාව ගරු කරමින්, අනෙකා පිළිබඳ හැඟීමෙන්, සහෝදරත්වය, සහජීවනය අගයමින්, ඒ සමාජ පද්ධතිය, යහපත් හා සතුටුදායක සමාජයක් කරා මෙහෙයවීමට සැවොම අත්වැල් බැඳගැනීම මේ මොහොතේ පුරවැසියන් ලෙස අප ගත යුතු තීරණයයි. ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කර ගනිමු.

ශ්‍රී ලාංකික සහ ලොව පුරා වෙසෙන සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවා’යි ! ප්‍රාර්ථනා කරමි

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories