මන්නාරම ද්විත්ව ඝාතන සිද්ධිය මෙහෙයවූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන නිකුත් කර තිබේ. එම සැකකරු විදෙස්ගතව මෙම අපරාධය මෙහෙයවා ඇති බව වැඩබලන පොලිස්පති නිතීඥ ප්රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේය.
පසුගිය 16 වැනිදා මන්නාරම මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට සිදු කළ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු තුවාල ලැබීය. නඩු කටයුත්තකට සහභාගි වීම සඳහා පැමිණි පිරිසක් මෙලෙස වෙඩි ප්රහාරයට ලක්ව තිබේ.
මේ සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ ක්රියාත්මක බව පොලිසිය සඳහන් කළේ ය.