පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව බලය පිහිටුවීමට ප්‍රමාණවත් බහුතරයක් නොමැති ආයතන සඳහා බලය පිහිටුවීමට තරගයක් මේ වන විට රට පුරා ඇතිව තිබේ. විපක්ෂ මන්ත්‍රීන් චෝදනා කරන්නේ, මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීමට ආණ්ඩුව පාර්ශවයෙන් යෝජනා ඉදිරිපත් වෙමින් ඇති බවයි.
සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, එස්.එම්. මරික්කාර් චෝදනා කරන්නේ ඉතිරි දින කිහිපය ඇතුළත මෙම හඬපට ප්‍රසිද්ධ කරන බවත් කොළඹ නාගරික මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි දෙකක් ලබාදීමට යෝජනා වී ඇති බවත් ඈත ප්‍රදේශයන්හි ලක්ෂ දහයේ සිට ඉහළට ලන්සු නියම වෙමින් ඇති බවත් ය.