2025 අගෝස්තු 15 සිකුරාදා, 22:15
නවතම පුවත්

මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන්න රවීගෙන් යෝජනාවක්

මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු යැයි අවධාරණය කරමින් ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේ දී යෝජනාවක් තමා විසින් ඉදිරිපත් කරන බවත්, ජනතාවගේ අකමැත්තෙන් කිසිවක් අවශ්‍ය නැති බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

“මේ රට හදන්න නම් ඒ තීරණය ගත යුතුයි. ඒ ගොල්ලෝ ආවේ එපා කියලනේ. ඇවිල්ල අපි නැති කරනවා කියලා කියනවනං දෙයියො තමයි බලන්න ඕනෑ. ජනතාව කියන දේ තමයි අපි මේ කරන්නේ. අපි මේ අවස්ථා උපයෝගි කරගෙන හරි දේ තමයි කරන්න ඕනෑ. මන්ත්‍රී රස්සාව කරනවා අවුරුදු පහක්. වෙන එකක් කරන්න බෑනේ. මෙතන ආදායම් හොයන්න එපා. එහෙනං දේශපාලනයට එන්න එපා. මම හිතනවා 225 ම මේකට සහාය දෙයි කියලා. අනික මං හිතන්නේ දේශපාලන වේදිකාවේ කියන එක හැබෑවට කරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕනෑ” යැයි ද ඔහු සඳහන් කළේය.

“එජාප – සජබ එකතු වෙලා මේ පාර අපි දිනනවා. මේ ගැන මටත් කැක්කුමක් තියනවා. මම තමයි රනිල් වික්‍රමසිංහට පස්සේ ඉන්න එජාපයේ ජ්‍යෙෂ්ඨතම පුද්ගලයා. සජබයයි – එජාපයයි ගෞරවනීය ලෙස එකතු වෙන්න ඕනෑ. සජබෙ, එජාපය වගේ ම අනිත් පක්ෂ ඔක්කොම එකට එකතු කරන්න ඕනෑ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ” යැයි ද හෙතෙම පැවැසීය.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories