2025 අගෝස්තු 16 සෙනසුරාදා, 02:35
නවතම පුවත්

මන්ත්‍රී නිවසින් එළියට ආ සභාපතිට ගුටි! කල්පිටියේ දේශපාලන අර්බුදයක්ද?

කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අබ්දුල් සත්තාර් මොහොමදු රික්කාස් ඉලක්ක කර ගනිමින් ඊයේ (ජූනි 16) රාත්‍රියේ මදුරන්කුලිය, විරුතෝඩේ ප්‍රදේශයේදී දරුණු ප්‍රහාරයක් එල්ල වී තිබේ. මෙම සිදුවීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් හෝ දේශපාලන පළිගැනීමක් තිබේද යන්න පිළිබඳව දැඩි සැකයක් මතුව ඇතැයි ප්‍රාදේශීය ආරංචි මාර්ග පවසයි.

මදුරන්කුලිය පොලීසිය වාර්තා කරන්නේ, සභාපතිවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි මෝටර් රථයකට පිරිසක් විසින් පහර දී ඇති බවයි. මෙම ප්‍රහාරයෙන් සභාපතිවරයාට පහර දී ඇති අතර, ඔහුගේ වාහනයට බරපතල අලාභ හානි සිදු වී තිබේ.

මෙම සිදුවීමේ ආන්දෝලනාත්මක කරුණක් වන්නේ, සභාපතිවරයා ජාතික ජන බලවේගය පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පයිසාල් මහතාගේ නිවසට පැමිණ, ආපසු නොරොච්චෝලය බලා විරුතෝඩේ හරහා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරයට ලක්වීමයි. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දේශපාලනඥයෙකුගේ නිවසින් පිටවන අවස්ථාවේදීම වීම මෙම සිදුවීමේ දේශපාලන පසුබිම පිළිබඳව ප්‍රබල ප්‍රශ්න මතු කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සභාපතිවරයා විසින් මදුරන්කුලිය පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ප්‍රදේශයේ උණුසුම් තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යෙදවීමට කටයුතු කර තිබේ.

නවතම පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

උණුසුම් පුවත්

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
green web
ග්‍රීන්ස්–ග්‍රේස් සටනට වර්ෂාවෙන් බාධා!
ශ්‍රී ලංකා ක්‍රිකට්...
4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...

දේශපාලන

lohaan
හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...

Categories