පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කළ කමිටුවේ වාර්තාව සභාගත කරන බව කථානායක ජගත් වික්‍රමරත්න විසින් ඊයේ (21) නිවේදනය කළා.එම මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳ පැමිණිලි, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත යොමු කරන බවයි කථානායකවරයා පවසා සිටියේ.
නියෝජ්‍ය කාරක සභා සභාපතිනී, පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකරගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද විශේෂ කමිටුව විසින් අදාළ විමර්ශන සිදුකර, නිර්දේශ ඉදිරිපත් කර ඇති බව කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා.
එම කමිටුවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාලි වීරසේකර, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ විපක්ෂ මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර යන අය ඇතුළත් වූ බවයි සඳහන් වන්නේ.