පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර තිබෙන මුද්දර ළඟම තැපැල් දෙපාර්තමේන්තුවට භාර දෙන ලෙස දැනුම්දී තිබෙන අතර,
ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම මුද්දර භාවිතා කිරීම තහනම් වන බැවිනි.
එමෙන්ම එම මුද්දර අවලංගු මුද්දර ලෙස තැපැල්පතිවරයා විසින් දිවයිනේ සියලුම තැපැල් කාර්යාලවලට දැනුම් දී ඇත.
එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වාර්ෂිකව රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා මුද්දර නොමිලේ නිකුත් කර තිබෙන බවට වැඩි දුරටත් වාර්තා වේ