අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක දොන් හරින්ද්‍ර චානක අයිලප්පෙරුම රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රජයේ රැකියා ලබා දෙන මුවාවෙන් රුපියල් ලක්ෂ 2 ක් සහ රුපියල් ලක්ෂ 150,000 ක් අල්ලස් ලෙස ඉල්ලා සිටීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
මධ්‍යම පළාත් සභාවේ (එක්සත් ජාතික පක්ෂයේ) ඉහත සඳහන් හිටපු විපක්ෂ නායකවරයා අද (26) විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වැඩිදුරටත් පැවසීය.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබන 28 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලද අතර එදින සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.