මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් එක් අයකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන අතර තුවාල ලැබූවන් මේ වන විට මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පැවසුවේ ය.
රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ඒ අතරින් බරපතළ තත්වයේ පසුවූ තුවාලකරුවන් සිව් දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවයි.