සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේදී සීදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 568 මිලිග්‍රෑම් 220 ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වයස අවුරුදු 31 හා සැකකාරිය වයස අවුරුදු 40 ක් වන වෑබඩ හා මිනුවන්ගොඩ ප්‍රදේශ වල පදිංචිකරුවන් වේ.
පොලීසිය පවසන්නේ මෙම යුවළ යතුරු පැදියකින් මෙම අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි බවයි.
සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදුකරනු ලබයි.