ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරිපත් වී සිටින කිසිදු අපේක්ෂකයෙකුට සහයෝගය දීමට මා තීරණය කර නැත. එමෙන්ම ඇතැම් මාධ්‍ය හා ආණ්ඩුව සහ විපක්ෂයේ දේශපාලඥ මා පිළිබඳව කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයක් නොමැති බව මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.එම මහතා තවදුරටත් ප්‍රකාශකර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ඇතිවී තිබෙන ගැටලුව මේ වන විට අධිකරණයේ පවත්නා බැවින් අධිකරණය විසින් පක්ෂයේ සභාපතිවරයා කවුරුන්ද යන්න මෙතෙක් තීන්දුවක් දී නොමැත.ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාව යටතේ සම්පූර්ණ බලතල ඇත්තේ සභාපතිවරයාට බැවින් වෙනත් කිසිදු නිලධාරියකු විසින් කරනු ලබන පත් කිරීම සහ ගනු ලබන තීරණවල කිසිදු වලංගුතාවයක් නොමැති බවයි.