2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 20:55
නවතම පුවත්

මගේ පාරමාදර්ශී නායකයා මහින්ද නමුත් රට එක පක්ෂය දෙක නිසා රනිල් දිනවනවා

පොලොන්නරුවේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් සමුළුව අමතමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ

“මම අදටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයක්.. මගේ දේශපාලනයේ පියා ලෙස මම දකින්නේ මගේ පියා.. මම දේශපාලනයට එන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියත් එක්ක.. මගේ පරමාදර්ශී නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතායි.. අද අපි සියළු දෙනා එක මතයකට ඇවිල්ලා තියෙන්නේ.. පෞද්ගලික කාරණා පැත්තක තියන්න වෙනවා.. රට එක – පක්ෂය දෙක කියන ස්ථාවරයේ මම ඉන්නවා.. මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වෙත් ඒක.. පළමුව, දෙවැනුව සහ තෙවනුවත් මව්බිම කිව්වා.. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ආවේ ජාතික ලැයිස්තුවෙන්.. මම තරම් එතුමාට බැනපු මිනිහෙක් නෑ.. එතුමා වෙනුවෙන් අද අපි කතා කරන්නේ ඇයි? රට ගැන හිතන හින්දයි.. මිනිස්සුන්ගේ මතය අපි තේරුම් ගන්න ඕනේ.. ඒත් ඒ මතය පක්ෂයේ සමහරුන්ට තේරෙන්නේ නෑ.. පක්ෂයේ ලේකම්තුමා මහ පොලොවේ ක්‍රියාත්මක වෙන මතය දැක්කා.. එතුමා ඇවිල්ලා පක්ෂයට කිව්වේ, ඔක්කොම හරි කියලා.. ඒක තමයි මිනිස්සු අද පොහොට්ටුවට පණිවුඩයක් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක එකතු වෙලා තියෙන්නේ..”

එම මහතා තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එදා රට භාර නොගත්තේනම් ශ්‍රී ලංකාව අද බංගලාදේශයටත් වඩා නරක තත්වයට පත්වීමට ඉඩ තිබූ බවත් අද බංගලාදේශයට අත්ව ඇති ඉරණම අපේ රටට ඇති කිරීම ඊනියා අරගලයේ අරමුණ වූ බවත් ඒ අනුව රනිල් වික්‍රමසිංහ මහතා යළි ජනාධිපති නොවුණහොත් ශ්‍රී ලංකාව බංගලදේශය මෙන් විසාලාවක් වනු ඇති බවත් ජන මතයට කන් නොදී දේශපාලනය කළ නොහැකි බවත්, තමන් තවමත් ඔර්ජිනල් පොහොට්ටුවෙක් බවත් ඔහු ප්‍රකාශ කළා.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories