2026 මාර්තු 28 සෙනසුරාදා, 20:16
නවතම පුවත්

මගේ ජීවිතය අනතුරේ-වැඩබලන පොලිස්පති මගෙන් පළිගන්නවාරංගජීව පොලිස් කොමිසමට පැමිණිලි කරයි

තම නිල නිවාසය අහිමි කළ පසුබිමක පෞද්ගලික නිවෙසේ සිට රාජකාරියට යෑමේදී සහ ඒමේදී මෙන්ම අධිකරණ කටයුතූ ඇතූළු රාජකාරි කටයුතුවලදී පෙර තිබූ ආරක්ෂාව නැවත ලබාදෙන ලෙසට මිරිහාන පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. රංගජීව නියොමාල් ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබේ.

වෛද්‍ය මණ්ඩල නිර්දේශය අනුව, සිවිල් ඇඳුමින් අවි රහිතව සාමාන්‍ය රාජකාරි, රාත්‍රි රාජකාරිවලින් තොරව සිටි තමා පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සිට නුගේගොඩ කොට්ඨාසයට පොලිස්පතිවරයා ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙසද පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා ඇත.

මීට පෙර වෙඩි වැදීමෙන් ඇති වූ සංකූලතා හේතුවෙන් හෘදයේ ශල්‍යකර්ම තුනක් සිදුකර තිබෙන තමා රෝගයකට ප්‍රතිකාර ලබාගන්නා බව පවසන හෙතෙම නිල නිවාසය අහිමිව කිලෝමීටර් 25ක් දුර සිට උදය සවස නිරායුධව බස් රථයෙන් රාජකාරියට පැමිණීමට සිදුව තිබෙන බවත්, තමාගේ දරුවන්ද දැඩි අනතුරකට ලක්වී මානසික පීඩනයකට ලක්ව සිටින බවත් සඳහන් කර තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා පසුගිය 08 වැනිදා තමා නුගේගොඩ පොලිස් කොට්ඨාසයට හදිසියේ ස්ථාන මාරුවීමක් ලබාදී තිබෙන බවත්, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන්ගේ රාජකාරී සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කරන ලද විමසීමක් මෙම ස්ථාන මාරුවට පදනම් වී තිබෙන බවත් ඔහු දක්වා ඇත.

තමා පොලිස් ක්ෂේත්‍ර බළකා මුලස්ථානයට අත්‍යවශ්‍ය නිලධාරියෙක් යැයි ස්ථානාධිපතිවරයා නිර්දේශ කර තිබූ බව පවසන පොලිස් පරීක්ෂකවරයා, වැඩබලන පොලිස්පතිවරයා එම නිර්දේශ නොසළකා හැර තමා නුගේගොඩ කොට්ඨාසයට පළිගැනීමක් වශයෙන් මාරුකර තිබෙන බවත්, දිගින් දිගටම තමා හිංසනයට පත් කිරීමේ අරමුණක් ක්‍රියාත්මක වන බවත් සඳහන් කර තිබේ.

මෙම ස්ථාන මාරුවීම අවලංගු කරන මෙන් පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ ස්ථානාධිපතිවරයා මගින් වැඩබලන පොලිස්පතිවරයාට අභියාචනයක් ඉදිරිපත් කළද මෙතෙක් කිසිදු සානුකම්පිත තීන්දුවක් ලබාදී නොමැති බවද එහි දක්වා ඇත.

තම දරු පවුල ආරක්ෂිතව සිටි පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නිල නිවෙසින් පසුගිය නොවැම්බර් 20 දිනට පෙර අලුත්වැඩියාවකට ඉවත් වන ලෙසට වැඩබලන පොලිස්පතිවරයා තමාට නියෝග කර තිබූ බවද හෙතෙම සඳහන් කර තිබේ.

තමාගේ නිවෙස පිහිටි කඩුවෙල, කොරතොට ප්‍රදේශය නිතර පාතාලයේ වෙඩි තබාගැනීම් සිදුවන බැවින් තමාගේ සහ දරු පවුලේ ආරක්ෂාව සඳහා අණදෙන ක්ෂේත්‍ර බළකා මූලස්ථානය මඟින් දැනට වසා ඇති ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේම නිවෙසක් තාවකාලිකව ලබාදෙන ලෙසට ඉල්ලා සිටි බවද ඔහු කියයි.

අණදෙන නිලධාරියා තමාගේ ඉල්ලීම සානුකම්පිතව සලකා බලා දැනට වසා ඇති ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ නිවාසවල අංක තුනක් සඳහන් කර වැඩ බලන පොලිස්පතිවරයාට අභියාචනාවක් ඉදිරිපත් කළද එය ප්‍රතික්ෂේප වූ බවද හෙතෙම සඳහන් කර ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර එම ඉල්ලීම නිර්දේශ කර වැඩබලන පොලිස්පතිවරයාට ඉදිරිපත් කළද එයද ප්‍රතික්ෂේප වූ බවද ඔහු දක්වා තිබේ.

අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියට පසුගිය දෙසැම්බර් 12 වැනිදා ආරක්ෂාව ඉල්ලා පැමිණිල්ලක් භාරදුන්නද මෙතෙක් එම අධිකාරිය ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයිද පොලිස් පරීක්ෂකවරයා කියයි.

මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් කළ බවත්, එය විභාග කිරීමට ලබන 22දා පැමිණෙන ලෙසට එම කොමිසම දැනුම් දී තිබෙන බවත් හෙතෙම සඳහන් කර ඇත.

තමාට හෝ දරු පවුලේ සාමාජිකයකුට කිසියම් කරදරයක් සිදුවුව හොත් නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න, වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ශානි අබේසේකර යන නිලධාරීන් සෘජුව වගකිව යුතු බවද ඔහු දක්වා තිබේ.(මව්බිම)

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories