මගී ජනතාවගේ අවශ්‍යතාවය අනුව අද (16) දිනයේ ද බස් රථ ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. එහි ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේ සාමාන්‍ය කාල සටහන යටතේ අද බස් රථ ධාවනය කිරීමට සැලසුම් කර ඇති බවය.
හෙට (17) සිට ගම්බිම් බලා ගිය මගී ජනතාව වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ශෙරීන් අතුකෝරල මහත්මිය සඳහන් කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ කාර්යාල දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ ගම්බිම් බලාගිය ජනතාවගේ අවශ්‍යතාව මත හෙට (17) සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක්කරන බවය.