2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 17:43
නවතම පුවත්

බොරැල්ල පල්ලියේ ‘බෝම්බ නාටකය’ ගැන හොයලා බලන්නැයි කතෝලික පල්ලිය ආණ්ඩුවෙන් ඉල්ලයි

බොරැල්ල ඕල් සේන්ට්ස් දේවස්ථානයේ සිදුවූ ‘බෝම්බ නාටකය’ සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වා අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙස ශ්‍රී ලංකා කතෝලික පල්ලිය රජයෙන් ඉල්ලා සිටියි.

2022 ජනවාරි 11 වැනි දින පල්ලියේ තිබී අත් බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියේ තුන්වැනි වසර සිහිකිරීම සඳහා මෙම විරෝධතාව පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් පල්ලියේ භාරකරු එවක අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කරන ලදී.

මෙම ක්‍රියාව මගින් ඔහුට හිරිහැර කර ඇති බවත් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇති බවත් පල්ලිය පසුව පැවසීය.

ජාතික කතෝලික සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත පියතුමා විරෝධතාව අතරතුර මාධ්‍ය වෙත පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් නව පරීක්ෂණයක් පවත්වන ලෙස වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් රජයෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

“පසුගිය පාලන සමයේදී සැකකරුවකු අල්ලා ගත් බව වාර්තා වුණා. වත්මන් රජය මෙම සැකකරු සම්බන්ධයෙන් කුමක් කළා දැයි අපි බලන්න කැමතියි. රජය මේ පිළිබඳ සොයා බැලිය යුතුයි” යනුවෙන් ඔහු පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පැවසූ ඔහු, හිටපු පොලිස්පති දේශබන්දු තෙමනකෝන්ගේ ක්‍රියාකලාපය සැක සහිත බව අවධාරණය කළේය.

සවස් කාලයේ සටහන් වූ සීසීටීවී දර්ශන පමණක් සොයා බැලිය යුතු බවට තෙන්නකෝන් උපදෙස් දී තිබිණි.

කෙසේවෙතත්, උදෑසන සටහන් වූ දර්ශනවල අපරාධකරු පල්ලිය තුළ බෝම්බය තබනු දක්නට ලැබුණු බව ජූඩ් පියතුමා තවදුරටත් පැවසීය.

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories