බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
මෙම සිද්ධියට හේතුව වී ඇත්තේ, බේරුවල ධීවර වරාය ආසන්නයේ ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිටි පිරිසක් මාර්ගය අවහිර කරමින් සිටීම සම්බන්ධයෙන් පොලිසිය සහ එම පිරිස අතර ඇතිවූ බහින්බස් වීමකි. පොලිසිය මාර්ගය අවහිර නොකරන ලෙසට උපදෙස් ලබාදී ඇති අතර, එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇත. මෙම කතාබහ දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදීම සිදුව ඇති බව සඳහන් වේ.
පොලිසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීම සඳහා පොලිසිය විසින් අහසට වෙඩිතබා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.