පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළෙඳපොළෙහි බිත්තර මිල අඩුවීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත බේකරි නිෂ්පාදන මිල ගණන් ද අඩුවිය යුතු බව පවසයි.
පසුගිය කාලය තුළ වෙළෙඳපොළේ ඉහළ මිලකට අලෙවි වූ බිත්තරයක මිල මේ වන විට රුපියල් 28ත් 35ත් අතර මිලක් ගන්නා බවයි එහි සභාපති තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා පැවසුවේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තුසිත ඉන්ද්‍රජිත් උඩුවර මහතා ඒ අනුව එම වාසිය පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවර ගත යුතු බව සඳහන් කළේය.