අද (07) අලුයම් කාලයේ සිට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් බෙල්ලන්විල කටුඇල හා වැව් ප්‍රදේශය ජලයෙන් පිරී ගොස් තිබෙනවා.
මේ නිසාවෙන් අවට ඇති ඇවිදින මංතීරු හා අවට නිවාස ජලයෙන් යටවී දැඩි අපහසුතාවට පත්ව ඇතැයි ප්‍රදේශවාසීන් කියා සිටීයි.
මේ අනුව විහාර මාවතෙන් හැරී යන රත්නතපිටිය අතුරු මාර්ගය සම්පූර්ණයෙන් යටවීමෙන් මහරගම දෙහිවල ප්‍රධාන මාර්ගයේ යටවී ගමනා ගමනයට බාධා ඇතිවී ඇති ඇති බව සඳහන්.
ඇවිදින පරණ මංතීරු කලාපය මංතීරු හා අවට නිවාස මේ වනවිටත් ජලයෙන් යටවී නිවැසියන්ට එළියට බැසීමට පවා අපහසවී ඇති බවත් ප්‍රදේශයේ පවතින කිඹුල්ගහනය නිසා කිඹුල් අවධානමක්ද ඇතිවී ඇති බවත් ප්‍රදේශවාසීන් වැඩිදුරටත් පවසනවා.