බෙරගල – වැල්ලවාය මාර්ගයේ විහාරගල ප්‍රදේශයේදී (184km) පස් කන්දක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනය අවහිරවේ.
පෙර දින (18)රාත්‍රියේ පැවති අයහපත් කාලගුණයත් සමග මාර්ගයට ඉහළින් ඇති පස් කන්දක් විශාල ගස් සමග මාර්ගයට කඩා වැටීම හේතුවෙන් රථවාහන ගමන් කළ නොහැකි ලෙස සම්පුර්ණයෙන්ම අවහිර වුනා.
අද(19) උදෑසන 7.30 පමණ වන විට හපුතලේ පොලිසිය ප්‍රදේශවාසීන් විසින් මාර්ගයේ එක් මන්තීරුවක් වාහන ධාවනය වෙනුවෙන් විවෘත කළ අතර මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමේ මෙහෙයුම හා මාර් සංවර්ධන අධිකාරියේ සහයෝගය සහිතව තවදුරටත් ක්‍රියාත්මක වනවා.