2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 10:25
නවතම පුවත්

බීමතින් නිදා සිටි පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

රාජකාරී කාලසීමාව තුළ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ.

මෙම වීඩියෝවේ සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග,

“පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරී යම් ස්ථානයක නිදා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.”

“මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළා.”

“එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරනවා.”

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories