2025 අගෝස්තු 14 බ්‍රහස්පතින්දා, 21:13
නවතම පුවත්

බීමත් රියැදුරන්ගේ බලපත්‍ර නැත්නටම නැතිවෙන හැඩ

සෑම අවස්ථාවකදී ම බීමත්ව රිය පැදවීම හේතුවෙන් අත්අඩංගුවට ගන්නා රියැදුරන්ගේ රියැදුරු බලපත්‍ර මාස 12ක කාලයක් සඳහා අත්හිටුවීමට හෝ රියැදුරු බලපත්‍රය අවලංගු කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පොලිසිය සඳහන් කළේ, ඒ හේතුවෙන් බීමතින් රිය ධාවනය නොකරන ලෙස සියලු ම රියැදුරන්ගෙන් ඉල්ලා සිටින බව ය.

මේ අතර, ගතවූ පැය 24 තුළ බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 395ක් දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කළේ, අපරීක්ෂාකාරි හා අන්තරාදායක ලෙස රිය ධාවනය කිරීමට අදාළව රියැදුරන් 50 දෙනෙකු එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ඇති බව ත් අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් රියැදුරන් 120 දෙනෙකුට සහ මාර්ග නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් රියැදුරන් 1,262කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති කර බව ය.

එමෙන් ම, බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 682ක් සහ වෙනත් රථවාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 5,441කට නීතිය ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව, සමස්ත රථ වාහන වැරදි සම්බන්ධයෙන් රියැදුරන් 7,950කට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.

උත්සව සමයේ රථවාහන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් වැඩබලන පොලිස්පති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් දෙසැම්බර් 20 වන දා සිට දිවයින ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කෙරිණි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ, මෙම විශේෂ මෙහෙයුම තවදුරට ත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ය

නවතම පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

උණුසුම් පුවත්

4iw
අල්ලස් චෝදනා මත හිටපු බන්ධනාගාර සෞඛ්‍ය නි. අධ්‍යක්ෂ රිමාන්ඩ්
අල්ලස් ලබාගැනීමේ...
3iw
නව පොලිස්පති ලෙස නීතීඥ ප්‍රියන්ත වීරසූරිය පත් කෙරේ!
ජනාධිපති අනුර කුමාර...
1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
1iw
ගැටලු ඇත්නම් පොලිස්පතිට කියන්න නව WhatsApp අංකයක්!
මහජනතාවට සහ පොලිස්...

දේශපාලන

1iw
විපක්ෂ දේශපාලන පක්ෂ හෙට රැස්වෙයි!
විපක්ෂයේ දේශපාලන...
web 02
ජනාධිපති ලබන සැප්තැම්බරයේ අමරිකාවට සහා ජපානයට
ජනාධිපති අනුර කුමාර...
වෙබ් විජිත
මාධ්‍යයෙන් තොර දේශපාලනයක් හෝ දේශපාලනයෙන් තොර මාධ්‍යක් නෑ - විජිත හේරත්
“මාධ්‍ය කියන්නෙ...
වෙබ් නලීන්ද
චිචීගේ රොකට් එක ගැන නලින්ද පාර්ලිමේන්තුවේ කතා කරයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව...

Categories