2025 ජූනි 22 ඉරිදා, 13:41
නවතම පුවත්

බීමත්ව රිය පැදවුවොත් ලක්ෂ 5ක් හෝ අවුරුදු 2ක්” සමාජ මාධ්‍ය පුවත අසත්‍යයි – පොලිසිය

“බීමත්ව රිය පැදවුවහොත් රුපියල් ලක්ෂ 05ක දඩයක් හෝ අවුරුදු 02ක සිර දඬුවමක්” යනුවෙන් සඳහන් කරමින් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවතක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොලිසිය අවධාරණය කරයි. මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කර සමාජගත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් අදාළ වන දඬුවම් මෙසේය:

මෝටර් වාහන පනතේ 203 වන අධිකාරියේ 214 (1)අ වගන්තිය සමඟ කියවෙන 1979 අංක 31 දරන මෝටර් වාහන පනතින් සංශෝධිත වූ 151 (1) වගන්තිය උල්ලංඝණය කිරීම සහ 2019 අංක 10 මෝටර් වාහන සංශෝධිත පනතේ 07 වන වගන්තියෙන් සංශෝධනය වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 216 වන වගන්තිය යටතේ මෙය දඬුවම් ලැබිය හැකි වරදකි.

මෙම වරදට නියම කළ හැකි දඬුවම් පහත පරිදිය:

රුපියල් 25,000/- සිට රුපියල් 30,000/- දක්වා වූ දඩයක්, හෝ
මාස 03කට වැඩි නොවන කාලයක් දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගත කිරීමක්, හෝ
දඩය සහ බන්ධනාගාර ගත කිරීම යන දෙකම, හෝ
රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් සඳහා අත්හිටුවීමක් සිදු කළ හැකිය.

එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ රුපියල් ලක්ෂ 5ක දඩය හෝ අවුරුදු 2ක සිර දඬුවම පිළිබඳ තොරතුරු නිවැරදි නොවන අතර, මෙවැනි වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් යුද හමුදාවෙන් නිවේදනයක්
සමාජ මාධ්‍ය ඔස්සේ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ජීව උණ්ඩයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් කටුනායකදී අත්අඩංගුවට
සිය ගමන් මල්ලේ ජීව...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
පාර්ලිමේන්තු සේවකයින්ගේ කෑම බිල අඩුවෙයි
පාර්ලිමේන්තු කාර්ය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered-Recovered
ට්‍රම්ප්ගේ ඉරාන ප්‍රහාරයට විදෙස් රටවල් රැසකින් සහ අමෙරිකාවෙන්ද දැඩි විරෝධය
අමෙරිකාව විසින්...

උණුසුම් පුවත්

දේශපාලන

web 07
වගා නොකළ ඉඩම් හිමියන්ට සති 2ක සහනයක්!
වගා නොකළ ඉඩම් හිමියන්ට...
web 03
කොළඹ සුපිරි දේපළ රහස සොයා CID හා CIABOC මෙහෙයුමක් - හිටපු ඇමතිවරු 6ක් CID දැලට!
කොළඹ සුපිරි දේපළ...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...

Categories