ඉකුත් සතියේදී රුපියල් 28 ත් 30 ත් අතර මිලකට අලෙවි කෙරුණු බිත්තරයක මිල මේ සතියේදී රුපියල් 4 ත් 6 ත් අතර මිලකින් ඉහළ ගොස් තිබෙන අතර මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල බිත්තරයක මිල රුපියල් 32 ත් 34 ත් අතර මිලක් දක්වා වැඩිවී ඇත.
දැනට සති දෙකකට පමණ ඉහතදී බිත්තරයක මිල රුපියල් 25 ක් දක්වා පහත වැටී තිබුණි.
අලුත් අවුරුදු සමයත් සමග බිත්තර සදහා තිබෙන ඉල්ලුමද ඉහළ ගොස් තිබේ. ගොවිපොළ හිමියන් බිත්තර මිල ගණන් ඉහළ දමා තිබෙන බවත්,මේ නිසා ඉදිරි දිනවලදී බිත්තර මිල තවදුරටත් ඉහළ යනු ඇතැයි බිත්තර වෙළෙන්දෝ කියා සිටිති.