කුරුණෑගල, උඩුමුල්ල ප්‍රදේශයේ ෆාම් ආයතනයක හිමිකරුවකුට වසර 10ක අත්හිටුවන ලද මාස 6ක සිර දඩුවමක් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සහ අලෙවියේ දී පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් මෙම ෆාම් ආයතනයේ හිමිකරුට සහ සේවිකාවකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2023.04.11 දින සිදු කරනු ලැබූ වැටලීමකට අදාළව 2023.04.26 දින පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා.
ඒ අනුව ඒ ආයතනයේ සේවිකාවකට, උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට බිත්තර විකිණීම සම්බන්ධයෙන් රු.100,000ක දඩ මුදලක් නියම කර ඇති අතර අලෙවියේ දි පාරිභෝගිකයන්ට නිකුත් කරනු ලබන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් එහි හිමිකරුට මෙම දඩුවමට අමතරව රු.10,000ක දඩ මුදලක් නියම කර නියම කර තිබෙන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් නිකුත් කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකිණීම යන චෝදනාව යටතේ වන නඩු පැවරීමක දී වරදකරු වන අයට පනත ප්‍රකාරව දඩ මුදලක්, සිර දඩුවමක් හෝ එම දෙකම නියම කිරීමට අධිකරණයට හැකියවක් පවතින බව එන නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.