2026 මාර්තු 20 සිකුරාදා, 13:53
නවතම පුවත්

බැසිල් පුටුවකින් වැටෙයි.මාස 06ක් ගුවන් ගමන්වල නොයෙදෙන්න වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

අමෙරිකාවේ සිටින හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ලබන නොවැම්බර් 21 වැනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද (23) නියෝග කර තිබෙනවා.

ඒ අනුව නීති විරෝධී ලෙස ඉපැයූ රුපියල් ලක්ෂ 500ක් යොදවා මිලදී ගත් මාතර ප්‍රදේශයේ ඉඩමක් සම්බන්ධයෙන් පවතින නඩුවකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

නඩුව අද කැඳවූ අවස්ථාවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳගේ සහෝදරිය වන අයෝමා ගලප්පත්ති අධිකරණයේ පෙනී නොසිටි බවයි සඳහන් වෙන්නේ.

එහිදී කරුණු දැක්වීම ආරම්භ කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙලෙස සඳහන් කළේය .

“ස්වාමිනි, මෙම නඩුවේ තුන්වන සැකකරු වන බැසිල් රාජපක්ෂට 2024 සැප්තැම්බර් 18 විදේශ ගතවීමට අවසර ලබා දී ඇත්තේ අද දක්වා පමණයි. එවැනි පසුබිමක ඔහු අද අධිකරණයේ පෙනී සිටින්නේ නැහැ. එබැවින් සාධාරණ හේතු දැක්වීමකින් තොරව අධිකරණය මඟහැරීම සම්බන්ධයෙන් ඔහුගේ ඇප අවලංගු කර වරෙන්තු නිකුත් කරන ලෙස මා ඉල්ලා සිටිනවා.

අනතුරුව බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල්ද සිල්වා මෙලෙස කරුණු දක්වා සිටියා.

“ස්වාමිනි, මගේ සේවාදායකයා මැයි 18 සහ 19 යළි මෙරටට එන්න ගුවන් ටිකට් පත් වෙන් කරලයි තිබුණේ. නමුත් අමෙරිකාවේ සිටින ඔහු පුටුවකින් ඇඳ වැටිලා අනතුරකට ලක්වෙලා ගෙල සහ ස්නායු ආශ්‍රිතව ආබාධ මතුවෙලා. මාස 06ක් ගුවන් ගමන්වල යෙදෙන්න එපා කියලා අමෙරිකාවේ වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා.”

එහිදී යළිත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම සඳහන් කළේ, “ස්වාමිනි, මේ X Ray වාර්තා බලපුවාම බෙල්ලේ උලුක්කුවක්, වැරදි ඉරියව්වක් නිසා මාංශ පේෂිවල සුළු ඇදීමක් පිළිබඳ විතරයි සටහන් වෙන්නේ. එසේම එය සතියකින් දෙකකින් සුවවෙන බවට වෛද්‍යවරු පවසා තිබෙනවා. වෛද්‍ය වාර්තා නිකුත් වී ඇත්තේ 2025 මාර්තු 18. ඔය කියන විදිහට මාස 06ක් ගුවන් ගමන්වලින් වලකින්න කියලා වෛද්‍ය නිර්දේශයක් තිබුණානම් ඇයි මැයි 18, 19 ගුවන් ටිකට්පත් වෙන් කළේ. එම නිසා ස්වාමිනි මෙම වෛද්‍ය වාර්තා පිළිනොගෙන සැකකරුගේ ඇප අවලංගු කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

අනතුරුව බැසිල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනිල්ද සිල්වා සඳහන් කළේ, “ස්වාමිනි, මගේ සේවාදායකයා ලෙඩක් නැතුවත් ආවේ නැහැ කියලා පෙන්වන්න හදන්නේ හොරෙක් කියලා ද? නමුත් මේවා අමෙරිකාවේ වෛද්‍ය වාර්තා. අපේ වෛද්‍යවරු වගේ හොරු නැහැ. ඊළඟ නඩු දිනයේ මගේ සේවාදායකයා අධිකරණයට පැමිණෙනවා.” ලෙසයි.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලු මාතර මහෙස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, මෙම නඩුව දීර්ඝ කාලයක් සලකා බැලෙන බැවින් අදාළ සැකකරු එම කාලය පුරාවට අධිකරණය හමුවේ පෙනීසිට ඇති නිසා ඇප අවලංගු කිරීමක් හෝ වරෙන්තු නිකුත් කිරීමක් සිදු නොකර මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරන බවයි.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories