2025 ජූනි 21 සෙනසුරාදා, 12:00
නවතම පුවත්

බාර් පර්මිට් දෙන්න නිර්දේශ කළ අයගේ නම් ප්‍රසිද්ධ කරන්න

පසුගිය ආණ්ඩුව කාලයේ බාර් පර්මිට් ලබාගත් අයගේ නම් ලැයිස්තුව පමණක් නොව ඔවුන්ට බාර් පර්මිට් ලබාදිය යුතු යැයි නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් හෙළිදරව් කළ යුතු යැයි ඉලංගෙයි තමිල් අරසු කච්චි මාධ්‍ය ප්‍රකාශක එම්. ඒ. සුමන්තිරන් සඳහන් කරයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වී මාස තුනක කාලයක් ඇතුළත බාර් පර්මිට් ලබාගත් අයගේ මෙන් ම ඒ සඳහා නම් නිර්දේශ කළ අයගේ ලැයිස්තුව හෙළිදරව් කරන බව පැවැසුවත් බාර් පර්මිට් ලබා ගැනීමට නම් නිර්දේශ කළ අය පිළිබඳ හෙළිදරව් නොකිරීමෙන් වත්මන් ආණ්ඩුවත් වංචාවට දූෂණයට සහාය දක්වන්නේ දැයි යන සැකයක් මතුවන බව ඔහු සඳහන් කළේය.

යාපනය, වඩමාරච්චි ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සුමන්තිරන් මහතා මේ බව සඳහන් කළේය.

දේශපාලන අල්ලස් වශයෙන් බාර් පර්මිට් ලබා දී ඇති බවට චෝදනා එල්ල වන බැවින් මෙසේ බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවත් ආණ්ඩුව වහා ම හෙළිදරව් කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කළේය.

පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් නියෝජිතයන් දෙදෙනෙකු දැනටමත් තමන් බාර් පර්මිට් ලබා ගැනීමට නිර්දේශ කළ බව පිළිගෙන තිබෙන බව ද ඔවුන් පැවැති මහ මැතිවරණයට ඉදිරිපත් නොවූ බව ද සුමන්තිරන් මහතා කීය.

බාර් පර්මිට් ලබාදී ඇත්තේ, දේශපාලන අල්ලස් වශයෙන් බැවින් යැයි වත්මන් ආණ්ඩුවේම ප්‍රකාශකයන් මැතිවරණයට පෙර පැවැසූ බැවින් බාර් පර්මිට් ලබා දීමට නිර්දේශ කළ මහජන නියෝජිතයන්ගේ ලැයිස්තුවත් හෙළිදරව් කිරීම ආණ්ඩුවේ වගකීමක් බවද සුමන්තිරන් මහතා වැඩිදුරට ත් මෙහිදී අවධාරණය කළේය

නවතම පුවත්

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ශ්‍රී ලාංකිකයන්ට ඉරානයෙන් ඉවත්වීමට ඉන්දියාවේ සහාය
ඊශ්‍රායලය සහ ඉරානය...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජනාධිපති අරමුදලේ සියලු සේවා අද සිට Online ක්‍රමයට
ජනාධිපති අරමුදල...
web 01
ව්‍යාජ මුදල් ජාවාරමක සුලමුල හතරලියද්දෙන් හෙළිවෙයි
ව්‍යාජ මුදල් ජාවාරමක...
Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...

උණුසුම් පුවත්

දේශපාලන

Web image new template new (1)-Recovered-Recovered-Recovered
ජූනි අවසානයේ විශේෂ පාර්ලිමේන්තු සැසි වාරයක්
ජූනි 30 වන දින විශේෂ...
web 12
හර්ෂණ පාර්ලිමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශයට
හර්ෂණ පාර්ලිමේන්තුවෙන්...
web 08
ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා!
ශ්‍රී ලංකා-දකුණු...
web 06
බළංගොඩ NPP සභාපති පුටුවෙන් ඉවතට!
බළංගොඩ NPP සභාපති...

Categories