2026 මාර්තු 20 සිකුරාදා, 12:52
නවතම පුවත්

බ්‍රිතාන්‍ය විවෘත ස්ක්‍රැබල් 2025 ශූරතාව විශේෂඥ වෛද්‍ය හර්ෂාන්ට

බ්‍රිතාන්‍ය විවෘත ස්ක්‍රැබල් 2025 තරඟය ජයග්‍රහණය කිරීමට උපතින් ශ්‍රී ලාංකිකයකු වන විශේෂඥ වෛද්‍ය හර්ෂාන් ළමාබදුසූරිය සමත්ව තිබේ.

ස්ක්‍රැබල් යනු වචන සැකසීමේ ක්‍රීඩාවකි.

ජනවාරි 3 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවති බ්‍රිතාන්‍ය විවෘත ස්ක්‍රැබල් 2025 තරඟයේ දී ළමාබදුසූරියගේ ශ්‍රේණිගත කිරීම 194ක් ලෙස සටහන් වී තිබේ.

ඔහුගේ උපායමාර්ගික ක්‍රීඩා විධි සහ ආකර්ෂණීය වචන මාලාව සම්බන්ධයෙන් ස්ක්‍රැබල් ප්‍රජාව තුළ ඔහුට පුළුල් පිළිගැනීමක් හිමි වී ඇත.

යුරෝපයේ විශාලතම ස්ක්‍රැබල් තරඟාවලිය වන බ්‍රිතාන්‍ය විවෘත ස්ක්‍රැබල් තරඟාවලිය සඳහා වයස අවුරුදු 11 සිට 90 දක්වා ක්‍රීඩකයන් 100කට අධික පිරිසක් සහභාගී වී තිබිණි.

බ්‍රිතාන්‍ය ස්ක්‍රැබල් ක්‍රීඩකයන්ගේ සංගමය 2008 වසරේ දී පළමුවරට මෙම තරඟය දියත් කළ අතර, කොවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් වසර පහක විරාමයකින් පසු නැවත මෙම වසරේ සංවිධාන කර තිබේ.

හර්ෂාන් ශ්‍රී ලංකාවේ හැදී වැඩී ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය, ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.

ඔහුගේ ස්ක්‍රැබල් වෘත්තීය ජීවිතය සඳහා අඩිතාලම වැටුණේ පාසල් කාලය තුළ බොහෝ ලෙස දේශීය ස්ක්‍රැබල් තරඟවලට සහභාගී වී ශූරතා කිහිපයක් දිනා ගැනීමෙනි.

දේශීය තරඟවල සාර්ථකත්වයෙන් පසුව, හර්ෂාන් අන්තර්ජාතිකව ශ්‍රී ලංකාව නියෝජනය කළේය.

ඔහු සහ ඔහුගේ පවුලේ අය 1996 දී එක්සත් රාජධානියට ගොස් තිබේ.

ඔහු එක්සත් රාජධානියේ ස්ටෙයිනිං ව්‍යාකරණ පාසලට යන අතරතුර ලන්ඩන් උසස් පෙළ විභාගයෙන් A’ සාමාර්ථ පහක් ලබා ගත්තේය.

ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කළ අතර පසුව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ගොස් එහිදී සායනික අධ්‍යයන කටයුතු අවසන් කර තිබේ.

ඔහු දැනට ස්වින්ඩන් රෝහලේ සේවය කරයි.

ඔහු වර්තිං රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු ලෙස වසර දෙකක් සේවය කළ අතර එය ඔහුගේ වෘත්තීය ජීවිතයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළේය.

ඔහු මේ කාලය පුරාම ස්ක්‍රැබල් කෙරෙහි ඇති ආශාව අඛණ්ඩව පවත්වා ගනිමින් තරඟාවලි සඳහා තරඟ කළ අතර බ්‍රිතාන්‍ය රූපවාහිනියේ චැනල් 4 හි අතිශයින් ජනප්‍රිය කවුන්ට්ඩවුන් වැඩසටහනේ ශූරයා බවට ද පත්විය.

හර්ෂාන් අන්තර්ජාතික ස්ක්‍රැබල් තරඟවලදී එක්සත් රාජධානිය නියෝජනය කළ අතර 2003 දී බ්‍රිතාන්‍යයේ ජාතික ස්ක්‍රැබල් ශූරයා බවට ද පත්විය.

ඔහු නිරන්තරයෙන් ස්ක්‍රැබල් වාර්තා බිඳ දමමින් සිටියි.

පැරණි ජර්මානු කාසියක සටහන් වූ ‘ක්‍රෙයුසර්ස්’ යන වචනය සමඟ ලකුණු 329ක් උපයා ගනිමින් ස්ක්‍රැබල් ක්‍රීඩාවේ වැඩිම ලකුණු ලබාගත් වචනය සඳහා වන වාර්තාව ද ඔහු නමින් ලියැවී ඇත.

2017 දී, ඔහු ලෝක ස්ක්‍රැබල් ශූරතාවලියේ දෙවැනි ස්ථානයට පත්වූ අතර, එය ඔහුගේ ජයග්‍රහණවල ඉහළම අවස්ථාව සනිටුහන් කරයි.

හර්ෂාන් යනු කොළඹ විශ්වවිද්‍යාලයේ ළමා රෝග පිළිබඳ සම්මානිත මහාචාර්ය සහ වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති ආචාර්ය සනත් පී. ළමාබදුසූරියගේ පුත්‍රයාය.

හර්ෂාන් ජෝන් රැඩ්ක්ලිෆ් රෝහලේ වකුගඩු වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥවරියක් වන මිෂෙල් ගුණසේකර සමඟ විවාහ වී සිටින අතර ඔවුන්ට ඉනේෂ් නම් පුතකු සිටී.

ඔහු ද දැනටමත් ස්ක්‍රැබල් ක්‍රීඩාවේ අනාගත බලාපොරොත්තු පෙන්නුම් කරමින් සිටී.

නවතම පුවත්

web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered-Recovered
මෛත්‍රී වික්‍රමසිංහට FCIDයට පෙනී සිටින්නැයි දැනුම්දීමක්
හිටපු ජනපති රනිල්...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
කස්සප හිමි ඇතුළු පිරිසට ඇප, ත්‍රීකුණාමලය මහාධිකරණයෙන් නියෝග
ත්‍රිකුණාමලය බුදුපිළිම...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
අමරකීර්ති ඝාතන නඩුවේ දොලොස් දෙනෙක්ට මරණ දඩුවම
හිටපු පාර්ලිමේන්තු...
web template[1]-Recovered-Recovered-Recovered-Recovered-Recovered (1)
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (09) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ත්‍රිකුණාමලය කොටුව...

උණුසුම් පුවත්

දේශපාලන

Island voice
කලුතරදී වැරදුණු උණ්ඩය
කලුතර මහනගර සභාවට...

Categories