ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගිය නිහතමනී 01 බහුදින යාත්‍රාව ඊයේ (03) අලුයම නැවක ගැටී පෙරළී අනතුරට ලක්ව ධීවරයන් තිදෙනකු අතුරුදන්ව ඇතැයි වරාය පොලිසිය ප්‍රකාශ කර තිබේ .
මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25 වැනිදා ධීවරයන් හත්දෙනකු සමඟ ගාල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් ඇති අතර දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදී නැවක හැපීමෙන් අනතුරට ලක්ව තිබේ .
යාත්‍රාව පෙරළී ධීවරයන් සියලුදෙනා මුහුදට වැටී ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතරදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙනකු අතුරුදන්ව ඇති බවත් පොලිසිය ප්‍රකාශකරයි .
අතුරුදන්වූ ධීවරයන් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක්ද මේවනවිට ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මෙශාන් ද සිල්වා ඇතුළු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි .