ශ්‍රී ලංකා රේගුව විසින් කොළඹ වරායේ ඇතිවී තිබෙන බහාලුම් නිෂ්කාශන ප්‍රමාදය අවසන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
එම වැඩපිළිවෙළ ජනාධිපතිවරයා උපදෙස් පරිදි ආරම්භ කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි. එහි දැක්වෙන්නේ, ඊයේ (13) දිනට කොළඹ වරායෙන් බහාලුම් 459ක් නිදහස් කර ඇති බවය.
මීට අමතරව RCT, ග්‍රේලයින් 1 හා 2 අංගනවලින් බහාලුම් 242ක් පරීක්ෂාව අවසන් කොට නිදහස් කර තිබුණි.
රේගුව සඳහන් කලේ, රේගුවෙන් දිනකට පරීක්ෂා කර බහාලුම් 500ක් පමණ නිදහස් කළ හැකි වුවත් නිෂ්කාශන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිණීම අඩු වූ නිසා නිදගස් කළ හැකි ප්‍රමාණය මෙසේ පහත මට්ටමක පැවතුණු බවයි.
අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාණ්ඩ පරීක්ෂණ අංගන වෙත නිදහස් කිරීමට වරාය තුළ බහාලුම් 496ක් ඉතිරි වී තිබේ.
එසේම රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් අද නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාළ අනෙකුත් රාජ්‍ය ආයතන බහාලුම් නිදහස් කිරීමේ කටයුතුවල යෙදෙන බවයි.