සේරුනුවර, කන්තලේ මාර්ගයේ කල්ලාර් යුද හමුදා කඳවුර ආසන්නයේදී අද අලුයම සිදුවූ බස් රථ අනතුරකින් මගීන් 14 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් අතුරින් 09 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිසිය පැවසුවේ.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි ගමන් කරමින් සිටි මගීන් ගණන 49 ක්.
අධික වැසි සමග කාන්තන්කුඩි දෙස සිට කොළඹ බලා ධාවනය වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී පෙරළීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසන්නේ.
අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතු වී ඇතැයි, දැනට කරන ලද විමර්ශන වලදී අනාවරණ වී ඇකි බව පොලිසිය පවසයි.