ජූලි 01 වැනිදා සිට සාමාන්‍ය සේවා බස් ගාස්තු 2.5%කින් අඩු කරන බවට ජාතික ගමනාගමන කොමිසම පසුගිය (ජූනි 26) ප්‍රකාශ කළද, එම තීරණය මේ වන විට අවිනිශ්චිත තත්ත්වයකට පත්ව තිබෙයි. ඊට හේතුව ලෙස දැක්වෙන්නේ, ඉන්ධන මිල ගැලපුම් සූත්‍රය පිළිබඳවද සැලකිල්ලට ගැනීමට සිදුවීමයි.
ජාතික ගමනාගමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවේ, යෝජිත 2.5% අගයේ වෙනසක් වුවද සිදුවිය හැකි බවයි. වාර්ෂික බස් ගාස්තු සංශෝධනය ඉන්ධන මිල ගැලපුම් සූත්‍රය සමග සසඳා, මිල ප්‍රකාශනයෙන් පසුව ප්‍රකාශයට පත් කරන බවද ඔහු සඳහන් කළේය
සාමාන්‍ය සේවා ගාස්තුවලට අමතරව, දුර ගමන් සේවා සුඛෝපභෝගී බස් රථවල නව ගාස්තු ද ඉන්පසුව ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේය