ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමඟ අඩුකරන ලද බස් ගාස්තුව ක්‍රියාත්මක නොකිරීම, ඉතිරි මුදල් ලබානොදීම ඇතුළු තවත් වැරදි සිදුකළ බස් රථ 100කට අධික ප්‍රමාණයකට එරෙහිව ගතවූ දින දෙකක කාලය තුළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම බලධාරීහු පැවසූ අතර,
එමෙන්ම මහජනතාවගෙන් පැමිණිලි 100ක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලැබී ඇතැයි එහි පැමිණිලි අංශයේ නිලධාරි ප්‍රගීත් රත්නායක මහතා පැවසීය.
ඉන් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ රුපියල් 3, 5 ආදී ඉතිරි මුදල් ලබානොදීම සම්බන්ධයෙන් බවද වැඩි දුරටත් සඳහන් කරයි.
තවදුරටත් බස් ගාස්තු සංශෝධනයට අනුව එම ගාස්තුව අය කරන්නේ නැති නම් වැඩිපුර මුදල් අයකර ගන්නේ නම් හා ඉතිරි මුදල් ලබා නොදෙන්නේ නම් ඒ ගැන 0112860860 ට දැනුම් දෙන ලෙස ද හෙතෙම මගී ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම බස් ගාස්තු සංශෝධනය සිදු නොකළ දුරසේවා බස් රථ 20කට එරෙහිව පැමිණිලි ලැබී ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ ධාවන අධ්‍යක්‍ෂිකා ෂෙරින් අතුකෝරාළ මහත්මිය ඊයේ (04) දා පැවසුවාය.
එමෙන්ම මීගමුව, හයිලෙවල්, නුවර පාර මාර්ගයේ ධාවනය වන දුරසේවා බස් රථවලින් සිදුකළ වැරදි සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැයි ද ඇය කියා සිටි අතර,
ඉතිරි මුදල් රුපියල් 2, 3 ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි වැඩි ප්‍රමාණයක් ලැබී ඇතැයි ද ඇය සඳහන් කළහ.
මේ අතර බස් ගාස්තු දැන්වීම් පත්‍රය තවමත් බස් රථවල ප්‍රදර්ශනය කර නොමැති නම් ඒ ගැන 1855 ක්‍ෂණික ඇමතුම් අංකයට පැමිණිලි කළ හැකි බවද මගී ජනතාවට දන්වා සිටියහ.